ඉදිරි පැය 24 තුළ කාලගුණය මෙහෙමයි

ඉදිරි පැය 24 තුළ දිවයිනේ තද වැසි ඇතිවන ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වැසි සහිත කාලය තුල අකුණු අනතුරු සහ සුළං තත්ත්ව වලින් ආරක්ෂා වීමට අවදානයෙන් කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.