Milton කුණාටුව අභ්‍යාවකාශයට පෙනුනේ මෙහෙමයි

5 වන කාණ්ඩයේ කුණාටුවක් ලෙස නම් කර ඇති දරුණු Milton නම් සුළි කුණාටුව මේ වන විට ඇමරිකාවේ ෆ්ලොරිඩාවට බලපෑම් එල්ල කරමින් පවතිනවා .

නාසා ගගනගාමියෙකු වන මැතිව් ඩොමිනික් විසින් මිල්ටන් සුළි කුණාටුව ගොඩබිමට පැමිණීමට සූදානම් වන විට අභ්‍යවකාශයේ සිට ලබා ගත් වීඩියෝවක් සිය X ගිණුමේ පළ කර තිබෙනවා .

ඔහු SpaceX Crew Dragon capsule Endeavour හි ජනේලයෙන් මෙම වීඩියෝව ලබා ගෙන ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඔහු සිටින capsule එක පසුගිය ඔක්තෝම්බර් 7 වන දා නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබුණ ද මෙම සුළි කුණාටුව හේතුවෙන් එය ප්‍රමාද වී තිබෙනවා.