මරා දැමුණු නසරල්ලාගෙන් පසුව හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකයා වීමට සිටි Hashem Safieddine ද මරා දැමූ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තහවුරු කරනවා .
ඔහු පසුගිය සතියේ ලෙබනනයේ අගනුවර වන Beirut හි එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පැවසුවේ
හිටපු හිස්බුල්ලා ප්‍රධානී නසරල්ලා සහ ඔහුගේ අනුප්රාප්තිකයින් ඇතුළු දහස් ගණනක් ත්රස්තවාදීන් ඉවත් කර දැමීමට ඊශ්‍රායලය පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

