මීළඟ ආසියානු කුසලාන තරගාවලි සහ ඒවා පැවැත්වීමට නියමිත රටවල් මේ වන විට නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව 2025 වසරේදී ආසියානු කුසලානය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් T20 ආකාරයෙන් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම 2027 වසරේදී බංගලාදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන ආසියානු කුසලානය එක්දින තරග ලෙස පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
2029 වසරේදී ආසියානු කුසලානය පාකිස්ථානයේදී T20 ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම 2031 වසරේදී ආසියානු කුසලානය ශ්රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එම වසරේදී ආසියානු කුසලානය පැවැත්වෙන්නේ එක්දින තරගාවලියක් ලෙසයි.

