වෙළෙඳපොළේ බිත්තර හිගයක් ඇති වී බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ, අතරමැදියන් බිත්තර ගබඩාකර තබා ගැනීම නිසා බවට බිත්තර නිෂ්පාදකයින් චෝදනා කරනවා.
රජය මැදිහත් වී මෙම අතරමැදියන් සම්බන්ධයෙන් සොයා බලා බිත්තර මිල පහළ දැමීමට පියවර ගතහොත් බිත්තරයක් රුපියල් 30ක් වැනි මිලකට යළිත් ලබා දිය හැකි බවයි ඔවුන් පවසන්නේ.
පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල යළිත් රුපියල් 40 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ අතර බිත්තර සහ ඒ ආශ්රිත නිෂ්පාදනවල මිල පහළ දැමීමට ආණ්ඩුව වහා ක්රියාමාර්ග ගත යුතු බව ද ඔවුන් පවසනවා.

