ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ රෝහල් හතරක කටයුතු මේ වන විට නවත්වා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
හිස්බුල්ලා අනුබද්ධ සෞඛ්‍ය සංවිධානයක් පැවසුවේ පසුගිය පැය 24 තුළ පරිපූරක වෛද්‍යවරුන් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
හිස්බුල්ලා සටන්කරුවන් සහ ආයුධ ප්‍රවාහනය සඳහා වෛද්‍ය වාහන භාවිතා කරන බවට ඊශ්‍රායල හමුදාව චෝදනා කරමින් නිවේදනයක් නිකුත් කරනවා
ඒ අනුව මිලිටරි අරමුණු සඳහා භාවිතා කරන බවට සැක කරන ඕනෑම වාහනයකට තමන් පහර දෙන බවට එම නිවේදනයත් සමඟ ඔවුන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

