කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (04) 12,000 සීමාව පසු කර තිබෙනවා.
පසුගිය ජූලි 03 වැනිදායින් පසු ප්රථම වරට මෙම සීමාව පසු කිරීමට අද (04) සමත්ව තිබීම විශේෂත්වයක්.
දර්ශකය ඒකක 123.50කින් (1.04%) කොටස් වෙළඳපොළ ඉහළ ගොස්, ඒකක 12,053.49ක් බවට පත්වුණා.
පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙසයි සටහන්ව තිබෙන්නේ.

