ඕනිම කෙනෙක් ගැන පහසුවෙන් දැන ගන්න පුළුවන් විදිහේ AI කන්නාඩි දෙකක්

පාරේ එහෙ මෙහෙ යනකොට අපිට ආස හිතෙන කෙනෙක් දැක්කොත් එයාගේ විස්තර දැන ගන්න තියෙනවා නම් කොච්චර හොඳයි ද නේද …

ඔන්න කෘතීම බුද්ධිය (AI) එක්ක ඒ දේත් කර ගන්න පුළුවන් වෙන්නයි යන්නේ .

මේ වෙනකොට ඕනෑම කෙනෙකුගේ අනුදැනුමකින් තොරව අදාළ කෙනාගේ පෞද්ගලික තොරතුරු හොයලා දෙන කන්නාඩි දෙකක් නිපදවලා තියෙනවා.

ඒ Massachusetts හි Cambridge හි Harvard විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා AnhPhu Nguyen සහ Caine Ardayfio යන ඉංජිනේරුවන් දෙදෙනා විසින්.

I-XRAY නමින් හැඳින්වෙන මෙම කන්නාඩි දෙක මුහුණු හඳුනාගැනීමේ මෘදුකාංග මෙන්ම AI භාවිතා කරමින් තමයි මෙහෙම තොරතුරු හොයන්නේ .

මෙම මෙවලම තැනීමේ අරමුණ අනිසි ලෙස භාවිතා කිරීම සඳහා නොවන අතර අපි එය වෙළඳපොලට නිකුත් කිරීමෙන් වැලකි සිටින බව තමයි ඔවුන් දෙදෙනා සඳහන් කරලා තියෙන්නේ .

මොනවා වුණත් ඒක නම් හොඳ තීරණයක් නේද ….