අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වනතෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම, පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මානවහිමිකම් කොමිසමට කැදවනු ලැබූ බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සදහන් කළේ.
මතභේදයට තුඩු දී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස මව්පියන් පිරිසක් ඉල්ලීම් කළද එය නැවත නොපවත්වන ලෙස විභාගයට පෙනී සිටි බහුතර සිසු දරුවන් ඉල්ලා සිටින බවයි වාර්තා වෙන්නේ.

