ලෝක ළමා දිනය අදයි

ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව “දරුවන් රැකගමු – සමසේ සලකමු” යන්න වනවා.

මෙවර තේමාව තුළින් දරුවන් සැමට සමාන අවස්ථා ලබා දිය යුතු බවත්, ඔවුන්ගේ යහපැවැත්ම සඳහා සමාජයේ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවත් පෙන්වා දෙනවා .

මේ අතර ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවය.

දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වැළැක්වීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව මතක තබා ගත යුතු වනවා .