සැප්තැම්බර් උද්ධමනය පහළට

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා .

2024  සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.3% දක්වා  අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 0.8%ක් ලෙසය.

එමෙන්ම,  2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.5%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් ලෙස වාර්තා විය.