වහලෙන් වහලෙට යන නේපාල වැසියෝ

නේපාලයට බලපෑ ඇති ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 148 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

කත්මණ්ඩු අගනුවර අවට මිටියාවත දින දෙකක දැඩි වර්ෂාපතනයෙන් ජලයෙන් යටවී ඇති තිබෙනවා .

නිවාස දහස් ගණනක් ද ජලයෙන් යටවී ඇති ඉහළ යන ජලයෙන් බේරීම සඳහා තමන් එක් වහලකින් තවත් වහලකට පනිමින් සිටි බවයි එරට වැසියන් සඳහන් කරන්නේ .

තවමත් 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී තිබෙනවා .

අඟහරුවාදා දක්වා වර්ෂාපතනය පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි එරට කාලගුණ අංශ වාර්තා කරන්නේ .