සැප්තැම්බර් පළමු දින 25ට සංචාරකයින් 99,955

සැප්තැම්බර් මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 99,955 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා .

ඉන් සියයට 21.6 ක්ම ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර, සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 21,607ක් බවයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 7,496ක්, ජර්මනියෙන් 6,651ක් සහ චීනයෙන් 6,640ක් අදාළ කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා.

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂ 62,623 ක්.