ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

සාලිය වික්‍රමසූරිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් හා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් යන ආයතනවලද සභාපති ලෙස කටයුතු කරනු ලැබූ අතර එම ආයතනවල සභාපති තනතුරුවලින් ද මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බවද සඳහන්.