තායිලන්තය සමරිසි විවාහ අනුමත කරයි

සමරිසි විවාහ නීතිගත කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර පනතක් සම්මත කිරීමට තායිලන්ත පාර්ලිමේන්තුව පියවර ගත්තේ ය.

එම පනතට එරට රජුගේ අනුමැතිය හිමිවී තිබේ.

අදාළ පනත තායිලන්තය තුළ නීතියක් බවට පත්වන්නේ තවත් දින 120ක් ඉක්මවා යාමෙන් අනතුරුවය.

ඒ අනුව එය ලබන වසරේ ජනවාරි 22 සිට ක්‍රියාත්මක වනු ඇත .

මේ සමග සමරිසි විවාහ නීතිගත කළ තෙවැනි රට සහ අග්නිදිග ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත් වනවා .