කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර සිය කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.
ඔහු අමාත්‍යංශය නිලධාරින් වෙත පවසා ඇත්තේ රට සංවර්ධනය සදහා ලබා දිය හැකි සියලු සහයෝගයන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සියලු දෙනා ලබා දිය යුතු බවයි.
එසේම අමාත්‍යාංශයේ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දුන් කාර්ය මණ්ඩලයට එහිදී මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයා සිය ස්තූතිය පල කර සිටියා.

