09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිව්රුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිව්රුම් දී තිබෙනවා .

ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේය.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක සහභාගි විය.

2024 ජනාධීපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැති අතර එහිදී ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඡන්ද 5,740,179 ක් ලබාගනිමින් ඔහුගේ ප්‍රතිවාදියා වු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට පරාජයට පත් කරනු ලැබුවා .