ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරනවා.
මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදු වූ විශාලතම පහළ යෑම බවත් බිබ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරනවා .
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් තම රජය සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමග රුපියල් ශක්තිමත්වී තිබෙන බවද එම පුවත්සේවය පෙන්වා දෙනවා.

