මේ වන විට ගණන් කර ඇති මුළු ඡන්ද වලින් ඡන්ද 150,452ක් වැනි ප්‍රමාණයක් අවලංගු වී ඇති බව වාර්තා වෙනවා .
දැනට ලැබී ඇති පළමු වටයේ ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන් පසු වන අතර ඔහුට ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 3624483කි .
එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 40.86%ක් වනවා .
දෙවැනි ස්ථානයේ පසුවන්නේ සජිත් ප්‍රේමදාස වන අතර ඔහුට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 2939620කි .
ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය 33.14%කි .
අපේක්ෂකයන් කිසිවෙකුට බහුතර 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වී ඇති නිසා මේ වන විට මනාප ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මොවුන් දෙදෙනාගෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගන්නා ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙනු ඇත .

