විශ්වවිද්‍යාල නව අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචිය අද සිට

2023 උසස්පෙළ ප්‍රතිඵල මත 2023 /2024 අධ්‍යයන වර්ෂයට සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා වන කඩයිම් ලකුණු ඊයේ නිකුත් කිරීමත් සමග විශ්වවිද්‍යාල සදහා ලියාපදිංචිය අද සිට සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවයි.

එමෙන්ම, ලබන දෙසැම්බර් මාසයට පෙර සියලුදෙනා බඳවා ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.