ඡන්ද මධ්‍යස්ථානයක් තුළම ඡන්ද පත්‍රිකාව ඉරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද වීමසීමේදී ඡන්ද මධ්‍යස්ථානයක් තුළම ඡන්ද පත්‍රිකාව ඉරු තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, නායන්මාර්කට්ටු මහේෂ්වරී විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ දී අදාළ සිදුවීම අද පෙරවරුවේ සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

එම පුද්ගලයා වයස අවුරුදු 19 ක් වු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. 

මේ වන විට එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විර්ශන සිදු කරනවා.