2024 – 09 – 18

හිරු නැගීම – 05 : 59

හිරු මුදුන් වීම – 12 : 03

හිරු බැසීම – 18 : 07

අද සැප්තැම්බර් මාසේ දහටවෙනිදා , බදාදා .

වෙනදා සඳුදාට එන හැඟීමට වඩා ටිකක් දරුණු හැඟීමක් ඇති වෙන දවසක් තමයි අද … හිකිස් .. දවස් හතරක දීර්ඝ නිවාඩුවකින් පස්සේ නේ ගොඩක් අය අද වැඩට යන්නේ … ඒ අස්සේ මේ සතියෙත් නිවාඩු දාල ඇවිදින්න යන අය නැතුවාම නෙමෙයි ඔන්න ..

කොහොම වුණත් මේ සතියට වැඩට යන්න තියෙන්නේ අද ගියාම තව දවස් දෙකයි නේ . ඊට පස්සේ අලුත් ජනාධිපති කෙනෙක් යටතේ තමයි යන්න තියෙන්නේ . ඒ නිසා මේ දවස් තුන ගැම්මෙන් ගිහින් එන්න .

අද දවස ගත්තොත් අද සලොස්වක දවස . ඒ කියන්නේ හඳ වැඩියෙන්ම දීප්තියෙන් තියෙන්නේ අද දවසේ .

අද උණ දවස . ලෙඩේ උණ නම් නෙමෙයි , උණ පඳුරු වල දවස තමයි අද – World Bamboo Day එක . උණ කියන්නේ විසිතුරු ශාකයක් වගේම ගොඩක් ප්‍රයෝජන තියෙන ගහක් . විශේෂයෙන්ම පරිසර හිතකාමී දේවල් හදන්න වැඩියෙන්ම යොදා ගන්න ශාකයක් තමයි මේ . 2009 තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ .

මේ උණ ශාකයේ කොළ වලින් තේ වගේ පානයක් හදන්නත් පුළුවන් . එකෙ සෞඛ්‍යමය වශයෙන් වටිනාකමකුත් තියෙනවා කියලා තමයි කියන්නේ . මේ වෙනකොට උණ වර්ග 1500කට වඩා වැඩි ප්‍රමාණයක් හොයා ගෙන තියෙනවා .

ඒ වගේම අද First Love Day එක . ප්‍රථම ආදරේ කියන්නේ ඇත්තටම අමතක කරන්න බැරි දෙයක් . ආපහු හිතලා බලද්දී අපි කොච්චර මෝඩ ද වගේ idea එකක් හිතට ආවත් අපිට ඉස්සෙල්ලම ආදරේ කියලා දුන්නේ එයාලා නේ .. ඒ නිසා කොච්චර රිදුනත් පලවෙනි ආදරේ කියන දේ වටිනා අත්දැකීමක් . ඒ වගේම පලවෙනි ආදරේ තමන්ගේ අන්තිම ආදරේ වෙනවා කියන්නේ ඊටත් වඩා විශේෂ දෙයක් .

කීවෙනි ආදරේ වුණත් දෙන්නට දෙන්නා ආදරෙයි නම් ඒ ආදරේ ආරක්ෂා කර ගන්න මහන්සි වෙන්න. මේ ලෝකේ සැබෑ ආදරේ කියන දේ ගොඩක් අඩුවෙන් තියෙන්නේ . ගොඩක් තැන්වල ආදරේ කියලා කියන්නේ ගනුදෙනුවකට, එහෙමත් නැත්නම් යුතුකමකට , වගකීමකට . අපිට දෙන්න බැරි වුණු දවසට නවතින දේ ආදරේ නම් නෙමෙයි .

ඒක තමයි කියන්නේ ආදරේ මේ ලෝකේ හැමතැනම තිබුණත් හරියටම ආදරේ හම්බ වුණු කෙනෙක් නෑ කියලා . නෑ කියලම කියන්නත් බැහැ, ඒත් හරිම අඩුයි .

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න .

ඔයා ප්‍රර්ථනා කරනවා වගේ ආදරයක් ඔයාට හම්බ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . ඒ වගේම දැනටම එහෙම ආදරයක් ලැබිලා නම් තියෙන්නේ ඔයාලා දෙන්නට හොඳට සතුටින් ඉන්න ලැබෙන්න කියලාත් ප්‍රර්ථනා කරනවා .

තෙරුවන් සරණයි ! ජය වේවා !