2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනු ලබනවා.
ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය “නිහඬ කාලය” ලෙස ප්‍රකාශ කර තිබේ.
මෙම කාලය අතරතුර කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට එරෙමිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
මේ අතර ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත් වුණා.
එම අවසන් ප්රචාරක රැලි පැවැත්වෙන කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය.
2024 ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි.

