හිරු නැගීම – 05 : 59
හිරු මුදුන් වීම – 12 : 04
හිරු බැසීම – 18 : 08
අද සැප්තැම්බර් මාසේ දාසයවෙනිදා , සඳුදා .
අනෙක් සඳුදා දවස් වගේ නෙමෙයි , අද නම් නිදහසේ ඉන්න පුළුවන් ලස්සන සඳුදා දවසක් . දීර්ඝ සති අන්තයක තුන්වෙනි දවස අද .
ඉතින් මේ ගෙවෙන සති අන්තය ඔයාලට කොහොමද … තාමත් හිතෙනවා නම් මේ ගෙවෙන සති අන්තයට ඔහේ යන්න දුන්නා කියලා අද තමයි දවස ඒක වෙනස් කර ගන්න. මේ සති අන්තය guilty හිතෙන්නේ නැතිව ඉවර කර ගන්න ඔයාට තාමත් කාලය තියෙනවා .
තීරණය ඔයාගේ අතේ …
අද දවසේ විශේෂත්වය ගත්තොත් අද Mawlid al-Nabi දිනය වෙනවා . අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට විශේෂ දවසක් . මුහම්මද් නබිතුමාගේ උපන්දිනය අදට යෙදිලා තියෙනවා .
ඒ වගේම අද ඕසෝන් ස්ථරය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනවා. ඕසෝන් ස්ථරයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ එය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ .
ඕසෝන් ස්ථරය යනු පෘථිවිය වටා ඇති ඕසෝන් අණු වලින් සමන්විත ස්ථරයක් වන අතර එය සූර්යයාගේ සිට එන අහිතකර UV කිරණ පෘථිවියට වැටීම වළක්වනවා . ස්වාභාවිකවම මේ ස්ථරය ගොඩ නැඟෙමින් බිඳෙමින් පවතින නමුත් මේ වෙනකොට මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මේකේ ගොඩ නැඟීම නැති වෙලා බිඳවැටීම වේගවත් වෙමින් යනවා . ඒ නිසාම මේ ස්ථරයේ සිදුරක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට .
ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (CFCs) සහ හයිඩ්රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් (HCFCs) වැනි රසායනික ද්‍රව්‍ය වායුගෝලයට මුදාහැරීම ඕසෝන් ස්ථරය විනාශ වීමට ප්‍රධාන හේතුවක් වෙනවා . ඒ වගේම මේ සිදුවන විශාල වන හානියත් හේතු වෙනවා . ඕසෝන් ස්ථරය කියන්නේ පෘථිවියේ ජීවය පවත්වා ගන්න අනිවාර්යය වෙන දෙයක් නිසා ඒක ආරක්ෂා කර ගන්න අපි හැමෝම කටයුතු කරන්න ඕනේ .

එහෙනම් අද දවස සතුටින්, ඵලදායිව ගත කරන්න. ඔයාට ආස දේවල් සතුටු හිතෙන දේවල් එකක් හරි අද කරන්න . ඉර එළියට වැටෙන්න පොඩ්ඩක් එළියට යන්න . අහස බලන්න . පරිසරය එක්ක ඉන්නවා කියන්නේ හිත නිදහස් වෙන්න හොඳ ව්‍යායාමයක් .
ජය වේවා ! තෙරුවන් සරණයි !

