monkeypox වලට එරෙහි එන්නතකට WHO අනුමැතිය

වඳුරු උණ හෙවත් monkeypox ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වාදුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබෙනවා.

MVA-BN ලෙස හඳුන්වන මෙම එන්නත Bavarian Nordic A/S සමාගම හරහා නිෂ්පාදනය වනවා .

ඒ අනුව වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම mpox එන්නත භාවිත කිරීමට අවසර ලැබෙනවා.

වයස අවුරුදු 18ට අඩු අය සඳහා එන්නත නිර්දේශ නොකරන නමුත්, ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් සඳහා ද එය සුවිශේෂී තත්ත්වයන් තුළ භාවිත කළ හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි පළමු මාත්‍රාවෙන් mpox ස්නාදහා 76% ක ආරක්ෂාවක් ද, මාත්‍රා දෙකම ගත් පසු 80%ක ආරක්ෂාවක් ද ලැබෙන බවයි වාර්තා සඳහන් කරන්නේ .