2024 – 09 – 15

හිරු නැගීම – 05 : 59

හිරු මුදුන් වීම – 12 : 04

හිරු බැසීම – 18 : 09

අද සැප්තැම්බර් මාසේ පහළොස්වෙනිදා , ඉරිදා .

මේ ගෙවෙන්නේ long weekend එකක ඉරිදාවක් නිසා අද ඉරිදා දවස නම් සතුටින් ගත කරන්න පුළුවන්. ගොඩක් අයට හෙට සහ අනිද්දා දවස් දෙකත් නිවාඩු දවස් නේ .

ඉඳල හිටලා මේ වගේ නිවාඩු දවස් පෝලිමක් එකට වැටෙන එකත් හොඳයි .. තැනින් තැන ලැබෙන නිවාඩු වලට වඩා එක දිගට ලැබෙන නිවාඩුව අපේ මනස relax කර ගන්න උදව් වෙනවා .

අද දවසේ විශේෂත්වය ගත්තොත් International Day of Democracy හෙවත් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය. මේ දවස් වල ලංකාවේ අයට නම් වැදගත් මාතෘකාවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රටක බලය ජනතාව අත තබා ගැනීමේ පද්ධතියක්. ජනතාවට තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සහ රටේ පාලනය සඳහා තීරණ ගැනීමට අයිතිය තියෙනවා.

ලංකාව වගේ විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන රටවල වැඩිම බලයක් සහිත පුද්ගලයා විදිහට ක්‍රියා කරන්නේ ජනාධිපති . ජනතාව ඔක්කොටම පාර්ලිමේන්තුවේ ගිහින් වැඩ කරන්න බැරි නිසා , අපි වෙනුවෙන් තීරණ ගන්න තමයි අපි පිරිසක් එතනට යවන්නේ . ජනාධිපතිවරයා විදිහට තෝරා ගන්නේ හොඳට ඒ පිරිසව මෙහෙයවන්න පුළුවන් කෙනෙක් .

හොදට කල්පනා කරලා හරියට කතිරය ගහන්න ඕනි කියන්නේ ඒකයි. රටේ උත්තරීතර බලය ජනතාව අතේ තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ කිව්වට ඒක හරියටම තීරණය වෙන්නේ ජනතාව විසින් තෝරා ගන්න පුද්ගලයා මත .

ඒ වගේම අද International Dot Day එක . Dot එකක් එහෙමත් නැත්නම් තිතක් , බෝලයක් කියන්නේ ඕනිම කෙනෙක්ට අඳින්න පුළුවන් දෙයක් . මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ මටනම් චිත්‍ර අදින්න බැහැ, කිසිම හැකියාවක් නැහැ කියන අයට එයාල වැරදි කියලා පෙන්නන්න. ඕනිම කෙනෙක්ට මේ තිත් / බෝල භාවිතා කරලා එක එක චිත්‍ර අදින්න පුළුවන් .

Peter H. Reynolds ලියපු The Dot කියන පොත පාදක කර ගෙන තමයි මෙහෙම දවසක් නම් වෙලා තියෙන්නේ . ඉතින් මේ පොත හොයලා කියවන්නත් පුළුවන් ඔයාට මේ දීර්ඝ නිවාඩුවේ .. ඒ වගේම කට්ටිය එක්ක එකතු වෙලා dot art එකක් කරන්නත් පුළුවන් .

සැප්තැම්බර් 15 කියන්නේ Double Cheeseburger Day එකත් වෙනවා .

එහෙනම් මේ ඉරිදා දවස සතුටින් ගත කරන්න . මතක ඇතිව මේ සති අන්ත නිවාඩුව නම් ඵලදායි කර ගන්න . හොදටම relax වෙන එකත් ඵලදායි වැඩක් බවත් ඔන්න මතක තියා ගන්න …

ජය වේවා ! තෙරුවන් සරණයි !