සැමියන් ආකර්ෂණය කර ගන්න හැටි ඉගෙන ගන්නත් පන්ති

විවාහය කියන්නේ හැමදාම එක විදිහට තියෙන දෙයක් නෙමෙයි නේ … සමහර අවස්ථා එනවා අපේ සහකරුවා/සහකාරියව එපා වෙන.

ඉතින් ඒක අවම කරන්න සහ කැඩෙන්න යන විවාහ නැවත යහපත් තත්ත්වය ගෙන්න චීන කණ්ඩායමක් විසින් අපූරු පන්ති හඳුන්වලා දීලා තියෙනවා .

විවාහක කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම පන්ති වල දී තමන්ගේ සැමියන් ලිංගිකව ආකර්ෂණය කරන්නේ කොහොමද , ඔවුන්ව සතුටු කරන විවිධ ක්‍රම ආදිය කියලා දෙනවා .

චීනයේ නැගෙනහිර හැන්ග්ෂෝ නගරයේ පසුගිය ජූලි මාසයේ මේ වගේ පන්තියක් පවත්වලා තියෙනවා . ඒක දවස් දෙකක පන්තියක් වන අතර ඇමරිකානු ඩොලර් 420ක මුදලක් ඒ සඳහා අය කරලා තියෙනව .

මේ සඳහා සහභාගී වෙලා තියෙන කාන්තාවන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 35-55 අතර අය.

පළමු දිනයේ ආදරය ගැන වගේම සුරාන්තයට පත් වෙන ක්‍රම සම්බන්ධයෙන් ද , දෙවන දිනයේ සිපගැනීම්, සංවේදී නැටුම් සහ සමීප අවස්ථාවන්හිදී ආකර්ශනීය ලෙස පෙනී සිටීමේ ක්‍රම ඉගැන්වීමේ ක්‍රම ආදිය උගන්වලා තියෙනවා .

මේ පන්ති සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් දරුවත් , ඒවාට සහභාගී වුණු කාන්තාවන් නම් සඳහන් කරලා තියෙන්නේ ඒ දේවල් තමන්ගේ විවාහ ජීවිතය ආයෙමත් ප්‍රීතිමත් කර ගන්න උපකාරී වෙයි කියලයි .