විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 580 ට ආසන්න වෙයි

විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 577.5ක් නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ එවා ඇතැයි සඳහන් වෙනවා .

පසුගිය වසරේ අගෝස්තු මාසය සමඟ සැසදීමේදී එය සියයට 11 ක ඉහළ යෑමක් බවයි කම්කරු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

එසේම මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් විසින් ඩොලර් මිලියන 4,288ක මුදලක් මෙරටට එවා ඇති බවද සදහන්.