බොලිවියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් එරට ජාතික හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබෙනවා.
බොලිවියාවේ ලැව්ගිනි 72ක් මේ වනවිට සක්‍රීයව පවතින අතර එමගින් විනාශ වී ඇති වනාන්තර භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 3 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
දින කිහිපයක සිට බොලිවියාවේ දරුණු ලැව් ගිනි ආපදා කිහිපයක් පැතිර යමින් පවතී.
ඒ හේතුවෙන් එරට ලා පාස් අගනුවර ඇතුළු නගර කිහිපයකම වායු ගුණාත්මක බව පහළ ගොස් ඇත.
ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරටට ජාතික හදිසි තත්ත්වයක් නිවේදනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඉන් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වන්නේ සැන්ටා කෘෘස් නගරයෙනි.
ලා පාස් අගනුවර ආශ්‍රිතව ද ලැව්ගිනි ආපදාවක් වාර්තාවන අතර ලැව්ගිනි පාලනයට ගිනි නිවන සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
2010 වසරෙන් පසුව බොලිවියාවෙන් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම වසරේදී බව සඳහන් වේ.

