මධ්‍යම බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දිනය තුළ වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධන වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා .
මේ හේතුවෙන් ධිවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
ඉන්පසු එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර උතුරු ඔඩිෂා වෙරළ දෙසට ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 83 ත් 93 ත් අතර මුහුදු ප්‍රදේශ වල ඉතා තද සුළං සමඟින් තද වැසි පැවතිය හැකි බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනය පහතින්.


