Trump දින්නොත් Elon Musk ට වෙන්න යන දේ

දෙවන වරටත් තමන් ජයග්‍රහණය කළහොත් රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්‍රධානියා ලෙස Elon Musk පත්කරන බවට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා.

මැතිවරණ ප්‍රචාරක රැලියකදී තම ආර්ථික දැක්ම ඉදිරිපත් කරන අතරතුරදියි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

තමා නැවත පත්වීමෙන් පසු ඇමෙරිකාවේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කටයුතු කරමින් ජාතික ආර්ථික පුනරුදයක් ඇති කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම Elon Musk ගේ එම කොමිසම මගින් සමස්ත ෆෙඩරල් රජයම විගණනය කරන අතර දැඩි ප්‍රතිසංස්කරණ යෝජනා කරන බවටද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට ප්‍රතිචාර දක්වමින් Elon Musk ප්‍රකාශ කර ඇත්තේ අවස්ථාවක් ලැබෙන්නේ නම් තමන් අමෙරිකාව වෙනුවෙන් සේවය කිරීමට සූදානම් බවයි.