ගැටුම් ඇති කර ගැනීමට ආගම භාවිත කර නොගන්නා ලෙස ෆ්රැන්සිස් පාප් වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා.
ආසියා – පැසිෆික් කලාපයේ දින 11 ක සංචාරයට සමගාමීව ඉන්දුනීසියාවට පැමිණි පාප් වහන්සේ ජකාර්තා අගනුවරදී ආගමික සහජීවනය සහ පාරිසරික ආරක්ෂාව පිළිබද ප්රකාශනයකට අත්සන් තබමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඉන්දුනීසියානු සංචාරයෙන් පසු ෆ්රැන්සිස් පාප් වහන්සේ පැපුවානිව්ගිනියාව, ටිමෝර් ලෙස්ටේ සහ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

