කුඩා ග්රහකයක් අද පෘථිවියට කඩා වැටුණු බව නාසා ආයතනය සඳහන් කරනවා.
දළ වශයෙන් මීටර් 1 (අඩි 3) පමණ වන මෙම ග්රහකය පිලිපීනයට ඉහළින් ලූසොන් දූපත අසල දැවී ගොස් තිබෙනවා.

එය ප්‍රමාණයෙන් කුඩා ග්රහකයක් වූ බැවින්, වායුගෝලයේදීම දැවී අවසන්ව තිබෙනවා.
2024 RW1 යන නමින් මෙම ග්රහකය නම් කර ඇති අතර, මෙය දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව බවයි නාසා විද්‍යාඥයින් පවසන්නේ.
පොළොවේ සිටි බොහෝ පිරිසකට මෙම ගිනි ගෙන දැවෙන ග්‍රාහකය Enteng සුලි කුණාටුව විසින් ඇති කරන ලද වලාකුළු පිරි අහස හේතුවෙන් දැක ගැනීමට හැකියාව ලැබී නැහැ .

