2024 – 09 – 04

හිරු නැගීම – 06 : 01

හිරු මුදුන් වීම – 12 : 08

හිරු බැසීම – 18 : 15

අද සැප්තැම්බර් හතරවෙනිදා , බදාදා .

අලුත් මාසයක් පටන් අරන් ඒ මාසෙත් දවස් තුනක් ම ගත වෙලා ඉවර වුණා නේද . කාලය වෙනදාටත් වඩා ඉක්මනට ගත වෙනවා කියලා හිතෙන්නේ මට විතරද …

මේ සතිය නම් කරලා තියෙන්නේ Zero Waste Week එක විදිහට . අපි මොන වැඩක් කළත් අන්තිමට පොඩි පොඩි කසළ ගොඩක් එකතු කරලා නේ ඒ වැඩේ නතර කරන්නේ . ඉතින් කසළ කළමනාකරණයේ වටිනාකම ගැන සඳහන් කරන්න තමයි මේ වගේ සතියක් නම් කරලා තියෙන්නේ . අපි මොනවා හරි කරලා ඒ දෙයින් ලැබෙන අපද්‍රව්‍ය තවත් ප්‍රයෝජනාවත් වැඩකට යොමු කළොත් නම් එතන අපද්‍රව්‍ය එකතු වීමක් නැහැ .

ගෙදර එකතු වෙන අපද්‍රව්‍ය වල ඉඳන් විශාල ප්‍රමාණයේ කර්මාන්තශාලා අපද්‍රව්‍ය වෙනකම් සියලුම අපද්‍රව්‍ය ඇත්තටම මේ වෙනකොට ලොකු ගැටළුවක් වෙලා තියෙන්නේ . වැඩි වෙන ජනගහනයත් එක්ක අපද්‍රව්‍ය ප්‍රමාණයත් දිනෙන් දින වැඩි වෙන නිසා ඒවා කළමනාකරණය කිරීම අසීරු වෙලා තියෙනවා . ඒ නිසා අපි තනි තනිව හෝ අපද්‍රව්‍ය අවම කරන්න දායක වෙනවා කියන්නේ අපේ පැත්තෙන් තියෙන ලොකු යුතුකමක් අපි ඉෂ්ට කරනවා කියන එක .

1781 වසරේ අද වගේ දවසක තමයි ඇමරිකාවේ Los Angeles නුවර හොයා ගෙන තියෙන්නේ.

ඒ වගෙම අද wildlife day එක . ඒ කියන්නේ වන ජිවින්ගේ දවස . මේ වෙනකොට වන සතුන්ට තියෙන ලොකුම තර්ජනය තමයි වාසස්ථාන අහිමි වීම . ඒ වගේම දඩයමට ලක් වීම . මේ හේතුව නිසා දැනට බොහෝ ප්‍රමාණයක වන සතුන් වඳ වෙලා තියෙනවා , සහ වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටිනවා . විද්‍යාඥයන් සඳහන් කරනවා අපි මේ දැනට ඉන්නේ හතරවන මහා නෂ්ට වීමේ යුගය අතරමැද කියලා . මේ වෙනකොට විශාල වශයෙන් සතුන් වඳ වී ගිහින් තියෙනවා .

ඉතින් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා ඉන්න වන සතුන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අපේ යුතුකමක් . ඒකට විශේෂයෙන් වැදගත් වෙනවා එයාලගේ වාසස්ථාන ආරක්ෂා කිරීම . වන ජීවින් කිව්වම සතුන් වගේම ශාකත් ඒකට අයිති වෙනවා . ශාක සහ සතුන් යන දෙපිරිසම අපේ ස්වාභාව ධර්මයේ වටිනා අංග වෙනවා .

එහෙනම් අද මේ අලුත් මාසේ පලවෙනි සතිය සතුටින් ගත කරන්න . මේ දවස් වල බොහෝ ප්‍රදේශ වලට ලංකාවේ නම් වහින නිසා වැඩි රස්නයක් නැහැ . ඒ නිසා සැහැල්ලුවෙන් ටිකක් වැඩ කර ගන්න පුළුවන් .

තෙරුවන් සරණයි ! ජය වේවා !