කොන්ඩම් එහෙමත් නැත්නම් උපත් පාලන කොපු කියන්නේ අපි හැමෝම දන්න, එත් නොදන්න පැටලිලි සහගත දේවල් ගොඩක් තියෙන මාතෘකාවක් .
මිසර සහ රෝම ශිෂ්ටාචාරවල කොපු පාවිච්චි කරන්න ඇති කියලා ඉතිහාසඥයෝ මත පල කළත් ඒ දේවල් ඔප්පු කරන්න තරම් සාක්ෂි තවමත් හමු වෙලා නැහැ.
ලෝකය පුරාම කොන්ඩම් එකක් කියන එක ප්‍රසිද්ධ වෙන්න ගත්තේ ප්‍රංශ ලෙඩේ කියලා හඳුන්වන සිපිලිස් රෝගය හේතුවෙන් . ප්‍රංශයෙන් ආරම්භ වෙලා යුරෝපය පුරාම මේ රෝගය ඉතා වේගයෙන් පැතිරෙන්න අරන් තියෙනවා . ලිංගිකව බෝවෙන මේ රෝගයෙන් ගැලවෙන්න තමයි මේ කොන්ඩම් කියන දේ හඳුන්වලා දීලා තියෙන්නේ . මුල් කාලයේ රෙදිවලින්, එතකොට සත්තුන්ගේ බඩවැල්වලින් හදපු කොන්ඩම් තමයි භාවිතා කරලා තියෙන්නේ .
පසුකාලීනව රබර් කර්මාන්තය දියුණු වීමත් සමඟ රබර් නිෂ්පාදනයක් වුණු Latex වලින් නිෂ්පාදනය වුණු කොන්ඩම් වෙළඳපොළට හඳුන්වලා දුන්නා .
කොන්ඩම් එකක් කියන්නේ ආරක්ෂිත ලිංගික හැසිරීමක අනිවාර්යය අංගයක් වෙනවා . ඔයාට අනවශ්‍ය ගැබ් ගැනීමක් අවශ්‍ය නැත්නම් වගේම ඔයාගේ සහකරුවා/සහකාරිය හැරුණු වෙනත් කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙනවා නම් අනිවාර්යයෙන් ම ඔයා කොන්ඩම් එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා .
කොන්ඩම් එකකින් සරලවම කරන්නේ එක් අයෙක්ගේ ලිංගික ශ්‍රාවයන් අනෙකා සමඟ ගැටීම වැලැක්වීම . පිරිමි අයගේ ශිෂ්ණය සඳහා වෙන කොන්ඩම් වඩාත් ප්‍රසිද්ධ වුණත් ගැහැණු අය සඳහාම සැකසුනු කොන්ඩම් පවා මේ වෙනකොට හඳුන්වලා දීලා තියෙනවා .
අද අපි කතා කරන්න හිතුවේ කොන්ඩම් සම්බන්ධයෙන් තියෙන විවිධ මිත්‍යා මත සහ ගැටළු ගැන
කොන්ඩම් සමහර අයට ඇලජික් වෙන්න පුළුවන් ද
ඇත්තටම ඔව් . කලාතුරකින් කෙනෙක්ට Latex කොන්ඩම් නිසා ආසාත්මිකතා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් . ගැහැණු කෙනෙක් ට වගේම පිරිමි කෙනෙක්ටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් . ඉතින් මේ වගේ ආසාත්මිකතා තියෙන අයට මේ කොන්ඩම් භාවිතා කිරීමෙන් රතු වීම් , කැසීම්, ඉදිමීම , පලු දැමීම වගේ තත්ත්වයන් වගේම හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති වෙන්න පුළුවන් .
සාමාන්‍ය කොන්ඩම් ඇලජික් නම් මොකද කරන්නේ
කොන්ඩම් නිසා ආසාත්මිකතාවයක් ඇති වෙනවා කියලා risk එකක් අර ගෙන කොන්ඩම් එකක් භාවිතා නොකර යන්න කලින් එළියට ගන්නවා කියන එක කිසිසේත්ම සාර්ථක විසඳුමක් වෙන්නේ නැහැ . ඉතින් එහෙම ඔයාට ආසාත්මිකතාවයක් තියෙනවා නම් ඔයාගේ සහකරු / සහකාරිය එක්ක ඒ ගැන අනිවාර්යයෙන් කතා කරන්න . අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් පුළුවන් . එහෙමත් නැත්නම් Polyurethane, Polyisoprene වගේ දේවල් වලින් හදපු කොන්ඩම් එකක් භාවිතා කරලා බලන්න පුළුවන් . මේවටත් ආසාත්මිකතාවයක් පෙන්නවා නම් බැටළු හමින් හදපු Lambskin condom එකක් වගේ භාවිතා කරන්නත් පුළුවන් එයාලට .
කොන්ඩම් දෙකක් එකවර භාවිතා කිරීම සුදුසු ද ?
කොහෙත්ම නැහැ . එක කොන්ඩම් එකක් භාවිතා කරලා මදි , වැඩි ආරක්ෂාවක් ලැබෙන්න කොන්ඩම් දෙකක් භාවිතා කරන්න ඕනේ කියල හිතෙනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදියි . මොකද ලිංගික ක්‍රියාකාරකම් වල දී මේ කොන්ඩම් දෙක එකිනෙකට තෙරපිලා ඒ දෙක අතර ඇති වෙන ඝර්ෂණ බලය හේතුවෙන් මේ දෙකම ඉරිලා ගිහින් ඊට වඩා ලොකු විනාශයක් වෙන්න පුළුවන් . ඒ නිසා එක කොන්ඩම් එකක් භාවිතා කිරීම හොඳටම ප්‍රමාණවත් .
කොන්ඩම් භාවිතා කලාම සතුට ලැබෙන්නේ අඩුවෙන් ද
නැහැ , කොන්ඩම් එකක් කියන්නේ හරිම සියුම් දෙවෙනි සමක් වගේ දෙයක් . ඒක තියෙද්දී සහ නැතුව ඉද්දි කියන අවස්ථා දෙකේම එකම ආකාරයේ සංවේදන තමයි ඇති වෙන්නේ . ඒ නිසා කොන්ඩම් එකක් දා ගෙන කරනකොට හිතන්න එපා කොන්ඩම් එකක් නැතුව කරනවා නම් මීට වඩා ගොඩක් ආතල් එකක් ගන්න පුළුවන් කියලා , එක ගැලව්වත් ඒ ආතල් එකම තමයි එහෙම්ම එන්නේ .
කොන්ඩම් එක මග දී ගැලවිලා ඇතුලේ හිරවෙයි ද ?
අතරමග දී කොන්ඩම් එකක් ගැලවෙනවා ගැලවෙන්නේ නැහැ කියන එක තීරණය වෙන්නේ ඔයා ඒක දාලා තියෙන විදිහ අනුව . සම්පූර්ණයෙන් ඔයා එක දාලා නම් තියෙන්නේ , සහ කොන්ඩම් එක හොඳ තත්ත්වයේ එකක් නම් එහෙම ගැලවීමේ සම්භාවිතාවයක් නැහැ . ඒ නිසා බාගෙට දා ගන්නේ නැතුව හරියට දාන්න , එතකොට අවුලක් නැහැ .
ඒ වගේම මතක ඇතුව කොන්ඩම් එකක කල් ඉකුත් වීමේ දිනය බලන්න . ගොඩක් කල් ඔයාගේ purse එකේ දා ගෙන හිටපු කොන්ඩම් භාවිතා කරන එකෙන් වැළකිලා ඉන්න . මොකද එලියට පෙන්නේ නැති වුණාට purse එකේ දා ගෙන ඉඳලා එකේ මොනවා හරි සිදුරක් වගේ දෙයක් ඇති වෙලා තියෙන්න පුළුවන් . අවදානමක් ගන්න බැරි නිසා එහෙම කොන්ඩම් ගබඩා කරලා තියන්නත් එපා , එහෙම ඒවා භාවිතා කරන්නත් එපා .
ඉස්සරහට පස්සට හැම එකටම එකම කොන්ඩම් එක එපා
ලිංගිකව හැසිරෙන කොට විවිධ ඉරියව් භාවිතා කරනවා නේ , වඩාත්ම සුදුසු වෙනවා ඔයාට ඉස්සරහට සහ පස්සට වෙන වෙනම කොන්ඩම් දෙකක් භාවිතා කරන්න පුළුවන් නම් . මේකෙන් ඔයාගේ සහකාරියට/ සහකාරයාට ආසාදන ඇති වීමේ සම්භාවිතාවය අවම කර ගන්න පුළුවන් . යෝනි මාර්ගය වගේම ගුද මාර්ගය කියන්නේ බැක්ටීරියා ගහනය ඉතාම අධික තැන් දෙකක් . ඒ වගේම යෝනි මාර්ගය කියන්නේ ටිකක් ලේසියෙන් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් තැනක් . ඉතින් පස්සට දාපු එක එහෙම්ම අර ගෙන ඉස්සරහට දාන එකේ පොඩි අවදානමක් තියෙනවා . ඒ නිසා වඩාත්ම හොඳයි කොන්ඩම් දෙකක් භාවිතා කරන්න පුළුවන් නම් .
මුඛ සංසර්ගයේ දී ත් කොන්ඩම් අවශ්‍ය ද
අනිවාර්යයෙන්ම , මුඛ සංසර්ගයේ දී පවා ශුක්‍ර තරල සහ ලිංගික ශ්‍රාවයන් මුඛයේ ගෑවිලා ඒ ආශ්‍රිතව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති වීමේ අවදානමක් තියෙනවා . ශිශ්නයට නම් පහසුවෙන් කොන්ඩම් එකක් භාවිතා කරන්න පුළුවන් . යෝනියට නම් dental dam එකක් හෝ සුදුසු ක්‍රමයක් භාවිතා කිරීම වඩාත් ආරක්ෂාකාරී වෙනවා .
වැඩේ කරලා ඉවර වුණාම කොන්ඩම් එකට මොකද කරන්නේ
වැඩේ කරලා ඉවර වුණාම ශිෂ්ණය අප්රාණවත් වෙන්න කලින් කොන්ඩම් එක ඉවත් කරන එක තමයි සුදුසු වෙන්නේ . එහෙම ඉවත් කරපු කොන්ඩම් එක tissue එකක හෝ කඩදාසියක ඔතලා dustbin එකක දාන්න. මතක තියා ගන්න මේ කොන්ඩම් හදලා තියෙන්නේ රබර් වලින් නිසා ඒවා toilet එකට දාල flush කරන්න යන්න එපා . කොන්ඩම් එක මෙහෙම වීසි කළාට පස්සේ හොඳින් සබන් දාල අත් සෝදා ගන්න .
එහෙනම් මේ ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් කට්ටියටම share කරන්න . අවශ්‍ය වෙයි කියලා හිතෙන , එත් හමොටම පෙන්න mention කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔන්න එයාට වට්සැප් එකේ හොරෙන් යවලා දැනුවත් කරන්න . හිකිස් . …


