විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි

කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත්වී තිබෙනවා.

කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රථිකාර ලබමින් සිටියදීයි අපවත්වී ඇත්තේ.

අපවත්වී වදාළ, කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 03වනදා (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතයි.

එදින පස්වරු 4:00ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී ආදාහන පූජෝත්සවය සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබෙනවා

අපවත්වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා.