2024 – 08 – 31

හිරු නැගීම – 06 : 02

හිරු මුදුන් වීම – 12 : 09

හිරු බැසීම – 18 : 17

අද අගෝස්තු මාසේ අන්තිම දවස … හෙට ඉඳන් අලුත් මාසයක් පටන් ගන්නවා .

ඉතින් මේ මාසේ ඔයාට කොහොමද ? ඔයා මේ මාසේ ඔයාගේ ගමනේ එක පියවරක් හරි ඉස්සරහට තිබ්බද ? ඒ ගමනේ ඔයාට ආපු බාධා වලට සාර්ථකව මුහුණ දුන්නද ? මේ මාසේ ඔයාට කරන්න තිබුණු වැඩ ඔක්කොම ඉවර කළාද? මේ මාසේ සතුටින් ගත කළාද?

අද අනිවාර්යයෙන් මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාල ඔයාගෙන් අහල බලන්න . මේ වගෙන් බහුතරයකට පිළිතුර ඔවු නම් ඔයා අගෝස්තු මාසය හොඳ ඵලදායිව ගත කරලා තියෙනවා . අනිවාර්යයෙන්ම ඔයා ඒ ගැන සතුටු වෙන්න . ඔයා ඔයා වෙනුවෙන් self reward එකක් දෙන්න අද අන්තිම දවසේ .

ඒ වගේම තමයි හෙට ඉදන් පටන් ගන්න මාසයේත් මේ ඔක්කොටම පිළිතුර ඔව් වෙන්න ඔයාලා හෙට ඉඳන්ම වැඩ කරන්න . හොඳ ප්ලෑන් එකක් හදා ගන්න . මේ මාසේ වුණු අඩුපාඩු ඒ මාසේ අවම කර ගන්න වග බලා ගන්න . මනුස්සයෙක් දියුණු වෙන්නේ එක රැයකින් නෙමෙයි නේ . ..

අද World Distance Learning Day එක . ලංකාවේ වගේ නම් ටිකක් දකින්න අඩු , එත් ලෝකයේ දැන් නම් බහුලවම භාවිතා වෙන ක්‍රමවේදයක් තමයි මේ Distance Learning එහෙමත් නැත්නම් දුරස්ථ අධ්‍යාපනය කියන්නේ . ලංකාවේ covid වලින් පස්සේ මේ ක්‍රමය ගොඩක් ප්‍රසිද්ධ වුණා. ZOOM වගේ platform හරහා අපිට පහසුවෙන් අපේ ගෙදර ඉඳන් ම අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් .

Distance Learning එකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා . ගොඩක් වෙලාවට අපි හුරු වෙලා ඉන්නේ ලඟට ගිහින් ඉගෙන ගන්න නිසා මේක එකපාරට වෙනස් වෙන්න පුළුවන්, Distance Learning වලට අනිවාර්යයෙන්ම හොඳ ස්වයං විනයක් අවශ්‍ය වෙනවා . එහෙම කළොත් නම් හරිම ලේසියෙන් ඔයාට අධ්‍යාපන කටයුතු කර ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ .

ඒ වගේම අද කපුවන්ගේ දිනය . හිකිස් . . ඔන්න ඔයාගේ කපු යාලුවන්ට අද wish කරන්න අමතක කරන්න එපා .

එහෙනම් මේ මාසේ අන්තිම දවස සතුටින් ගත කරන්න .

ජය වේවා ! තෙරුවන් සරණයි !