අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 332ක් .
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 377ක්.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 307ක්
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 352ක්
භූමිතෙල් මිල මෙවරද සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටර්යක මිල රුපියල් 202ක් ලෙස පවතිනවා.

