ස්පාඤ්ඤයේ සාම්ප්රදායික La Tomatina උත්සවය පසුගියදා (28) පවත්වා තිබෙනවා.
නැගෙනහිර ස්පාඤ්ඤයේ Valencia නගරය ආසන්නයේ Bunol හි පවත්වා ඇති මෙම La Tomatina උත්සවය අතරතුර ඊට සම්බන්ධ වූවන් තක්කාලි සෝස්වල පිහිනීම, තක්කාලි එකිනෙකාට විසි කිරීම සහ “තක්කාලි දේවදූතයන්” පවා සෑදීම කළා.
මේ වසරේ මෙම උත්සවය පුද්ගලයින් 22,000 කට සීමා වී ඇති අතර ඊට සහභාගී වූ බොහෝ දෙනා විදෙශිකයන් වනවා.
අධික ලෙස ඉදුණු තක්කාලි එකිනෙකාට විසි කර ගනිමින් විනෝද වන මෙම උත්සවයට තක්කාලි ටොන් 150ක් සහිත ට්රක් රථ හතක් එක් කළ බව සඳහන්.
පැයක් පුරා පැවති තක්කාලි සටන විදේශිකයන්ට යූරෝ 15 ක මුදලක් ගෙවා එක් වීමට තිබූ අතර ස්වදේශිකයන්ට නොමිලේ සම්බන්ධ විය හැකි වූවක්.
වසරක් පාසා පැවැත්වෙන මෙම තක්කාලි උත්සවයට ලොව පුරා ජනතාව විශාල වශයෙන් ආකර්ෂණය වනවා.

