2025 වසරේ මුල් මාස හය තුළ ඊ- රියදුරු බලපත්‍ර ( e-Driving license ) හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසනවා.
ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (23) “ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී ලේකම්වරයා පැවසුවේ පසුගිය කාලපරිච්ඡේදයේ කාඩ්පත් හිඟය හේතුවෙන් ලක්ෂ 08කට පමණ තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දීමට සිදු වු බවය.
ඒ අතරින් මේවන විට කාඩ්පත් ලබා දීමට තිබෙන්නේ 91,000කට පමණ වන අතර ඉදිරි මාස දෙක තුළ ඒ සංඛ්‍යාවටද කාඩ්පත් ලබා දීමට හැකියාව තිබෙන බව ඔහු කියා සිටියා.
ඒ අතර පසුගිය වසරේ සිට මේ වන තෙක් රියදුරු බලපත්‍ර ලක්ෂ 2ක් පමණ නිකුත් කිරීමට තිබෙන අතර ඒ සියලු දෙනා සඳහා කාඩ්පත් නිකුත් කිරීම මේ වසර අවසන් වීමට පෙර සිදු කරන බව ඔහු පවසා සිටියා.
එමෙන්ම ලබන වසරේ සිට සාමාන්‍ය පරිදි රියදුරු බලපත්‍ර සඳහා කාඩ්පත් නිකුත් කිරීමට හැකියාව තිබෙන බව ලේකම්වරයා කියා සිටියා.

