කෘත්‍රීම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ අධ්‍යාපන පද්ධතියට හදුන්වා දීමට කැබිනට් අනුමැතිය

තෝරාගත් පාසල් 100ක සිසුන්ගේ සහභාගීත්වයෙන් කෘත්‍රීම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම පාසල්වල 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා සිසුන් ඊට සහභාගි කර ගැනීමට නියමිතයි.

එහි ආරම්භක පියවරේ ප්‍රතිඵල මත පදනම්ව ඉදිරි වර්ෂයන්වලදී අනෙකුත් පාසල් සදහා එය ව්‍යාප්ත කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.