පාකිස්ථාන පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් බෝවීම නිසා බලධාරීන් මහත් අපහසුතාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2008 වසරේ සිට රැස්වීම් වාර්තා බැලීමට නිල කමිටුවක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම ගැටලුව හෙළිව ඇති අතර, අදාළ වාර්තා සෙවීමේදී ඉන් බොහෝමයක් මීයන් විසින් විනාශ කර ඇති බවටයි වාර්තා වන්නේ.
මීයන්ගේ ආක්‍රමණය මේ වනවිට කෙතරම් ව්‍යාප්ත වී ඇත්දයත්, මීයන් මර්දනයට දඩයම් බළලුන් යෙදවීම සඳහා එරට වාර්ෂික අයවැයෙන් පාකිස්ථාන රුපියල් මිලියන 1.2ක් වෙන් කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් ඇතුළු විය හැකි ස්ථාන වටා දැල් ගැසීමටද අදාළ මුදල් යෙදවීමට නියමිත බවද පැවසේ.
තවද, එම පරිශ්‍රවල පළිබෝධ පාලනය සිදු කිරීම සඳහා පුද්ගලික සමාගම් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බවටයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

