හිරු නැගීම – 06 : 03
හිරු මුදුන් වීම – 12 : 13
හිරු බැසීම – 18 : 22
අද අගෝස්තු මාසේ දහනවවෙනිදා , සඳුදා .
අදට තියෙන නිකිණි පෝය නිසා අදත් නිවාඩු දවසක්. ඉතින් අද පෝය දවසේ වෙලාවක් තියෙනවා නම් පවුලේ හැමෝම එක්ක පන්සලට ගිහින් එන්න . හෙට ඉදන් පටන් ගන්න සතියට හොඳ ආරම්භයක් නේ ඒක.
ඒ වගේම අද රෑට මහනුවර දළඳා මාලිගාවේ අන්තිම රන්දෝලි පෙරහැර බලන්නත් අමතක කරන්න එපා . . යන්න බැරි නම් ගෙදර ඉඳන් හරි බලන්න කට්ටියම . .
අද දවස ගත්තොත් අද World Photography Day එක . Photography කියන්නෙත් එක්තරා art එකක් . හරිම angle එකකින් , හරියට shot එකක් ගන්නවා කියන එක ෆොටෝ එකක් බලන තරම් ලේසි නැහැ . ඒකට හොඳ ඉවසීමක් වගේම කලාත්මක ඇසක් තියෙන්නත් ඕනේ . හැබැයි ඔයා ඒක පුරුදු වුණොත් අතේ තියෙන ෆෝන් එකෙන්ම ඔයාට ලස්සන ෆොටෝ ගහන්න පුළුවන් .
කොහොම වුණත් ජීවිතේ හැම විශේෂ අවස්ථාවකම ෆොටෝ එකක් ගහන්න . මොකද අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඒ දේවල් විතරයි නේ .. අවස්ථා ගෙවිලා ගියත් ෆොටෝ එකකින් පුළුවන් ඒ අවස්ථා ආයෙමත් විඳින්න . ඒ නිසා අනිවාර්යයෙන් ෆොටෝ එකක් ගහන්න . .. ඔන්න එහෙම කිව්වා කියලා පස්සට කරදර වෙන ෆොටෝ එහෙම ගහනවා නෙමෙයි . … හිකිස්.
ඒ වගේම අද International Orangutan Day එක . Orangutan කියන්නේ විවධ දියුණු හැකියා බොහොමයක් තියෙන සත්ත්වයෙක් . මෙයා මිනිසුන් එක්ක 97% ක DNA සමානාත්මතාවයක් දක්වනවා කියලා හොයා ගෙන තියෙනවා . Borneo සහ Sumatra වල තියෙන වැසි වනාන්තර වල තමයි මෙයාල ඉන්නේ . අද වෙනකොට ඒ ප්රදේශ හානි වෙමින් යන නිසා මෙයාලගේ පැවැත්මටත් විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා .
මෙයාලාගේ අඩු උපත් අනුපාතය නිසා මේ වෙනකොට ලෝකයේ ඉන්න Orangutan සතුන් ප්රමාණය විශාල වශයෙන් සීමා වෙලා තියෙනවා . ඉතින් ඔයා ලංකාවේ දෙහිවල zoo එකට ගියොත් මේ Orangutan සතුන් බලා ගන්න පුළුවන් .
අගෝස්තු 19 කියන්නේ International Bow Day එක . ටිකක් අමුතු දවසක් වුණත් මෙහෙම දවසකුත් අදට යෙදිලා තියෙනවා .
එහෙනම් දීර්ඝ සති අන්තයේ අවසාන දවස හොඳින් ගත කරන්න .
ජය වේවා ! තෙරුවන් සරණයි !

