ඉන්දියාව මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කරන්න යයි

ඉන්දියාව පළමුවරට මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමේ සූදානමින් පසුවෙයි.

“gaganyaan” නමින් නම් කර ඇති මෙහෙයුම යටතේ පළමුව මිනිසුන් රහිතව පර්යේෂණ මට්ටමින් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

G1 ලෙස හැඳින්වෙන රොකට්ටුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය එනම් ඉස්රෝ (ISRO) ආයතනය පවසයි.

ගගන්යාන් මෙහෙයුම යටතේ මෙට්‍රික්ටොන් 5.3ක බරකින් යුතු අභ්‍යවකාශ යානය කිලෝමීටර් 400ක උසකින් යුතුව දින 7ක කාලයක් පුරා පෘථිවි කක්ෂයේ රැඳී සිටීමට නියමිතය.

ගගනගාමීන් තිදෙනෙකුද රැගත් යානය දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ 2025 වසරේදීය.

ISRO සභාපති එස් සෝම්නාත් සහ වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්.උන්නික්‍රිෂ්ණන් නායර් සමඟ මානව අභ්‍යවකාශ පියාසර වැඩසටහනේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ V. R. ලලිතාම්බිකා විසින් මෙම මෙහෙයුම දියත් කරනු ලබනවා