ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර කෝටි තුනක පළමු තොගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.
මෙවර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ ප්රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
වැට් ඇතුළු රජයේ බදු ගෙවා බිත්තර ආනයනය කෙරෙන බවත් මීට පෙර මෙන් ආනයනය කරන එම බිත්තර ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ද සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේය.
මේ වනවිට දේශීය වෙළදපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අළෙවි කිරීම හේතුවෙන් යළි බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලබා දෙනු ලැබුවා .

