perseus උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

‍පියවි ඇසට දැකගැනිමට හැකි උල්කාපාත වර්ෂාවක් අද (11) මධ්‍යමරාත්‍රියෙන් පසු උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.

perseus තාරුකා රාෂිය ආසන්නයේ එම උල්කාපාත වර්ෂාව දිස්වීම හේතුවෙන් එම උල්කාපාත වර්ෂාව perseus ලෙස නම්කර තිබේ. 

ජුලි මස මැද සිට අගොස්තු මස මැද භාගය දක්වා එම උල්කාපාත වර්ෂාව දක්නට ලැබෙන අතර එහි උච්චතම අවස්ථාව අද (11) මධ්‍යම රාත්‍රියෙන් පසු උදාවේ.

පැයක් තුළ උල්කාපාත සියයක් පමණ දිස්වන අතර, තැනිතලා බිමකට ගොස් එම බාධාවකින් තොරව දැකබලා ගැනීමට හැකිවන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පැවසීය.