මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ශ්රී දළදා මාලිගාවේ සිට ශ්රී දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ පෙරහැර ගමන් කර රජ වීදිය දිගේ අවසන් වනු ඇත.
මෙවර මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,500ක් පමණ යොදවා ඇති බවයි සඳහන් වෙන්නේ.

