ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33,961ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 33,961 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 13,781ක් ලෙසයි සඳහන් වෙන්නේ.

ඒ අතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 8179 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.