මෙවර ජනාධිපතිවරණයේ වියදම තෙගුණයකින් ඉහළට

පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කරනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම, ඊට හේතුවී ඇති බවයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුලු සෙසු මුද්‍රණ සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර තිබෙනවා.