ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා මහනුවර දක්වා වැඩම කරවූ කප චාරිත්‍රානුකූලව නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල වෙත බෙදාදීම ඊයේ සිදු කළා.
ඒ ඊයේ දිනට යෙදුණු සුබ මොහොතින් මහනුවර විෂ්ණු දේවාලයේදී.
එම කප අද පෙරවරුවේ යෙදෙන සුභ මොහොතින් සිව් මහා දේවාලවල සිටුවීම සිදුකරනවා.
ඉන් පසුව මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වනු ලබනවා.

